චිකන් කළුපොල් කරිය....රෙසිපි එක මෙන්න... ⚡චිකන් 500g ⚡ඇට සහිත සියඹලා 7ක් 8ක්(ඇල් ජලයෙන් සෝදා උණු ජලයෙන් දිය කරගන්න) ⚡සුදුලූණු බික් 7ක් 8ක් ⚡ඉඟුරු කෑලි 3ක් 4ක් (මේවා අඹරා යුෂ සකස් කරගන්න) ⚡ලුණු තේ හැඳි 1 1/2 ⚡කහ තේ හැඳි 1/4 ⚡කොත්තමල්ලි තේ හැඳි 1 1/2 ⚡කළු දුරු තේ හැඳි 1/4 ⚡මාදුරු තේ හැඳි 1/4 ⚡හීන්දුරු තේ හැඳි 1/2 ⚡වියළි මිරිස් කරල් 10ක් 12ක් ⚡අඟල් 1ක පමණ කුරුඳු කෑල්ලක් ⚡එනසාල් 4ක් 5ක් ⚡කරාබු නැටි 7ක් 8ක් (මෙම තුනපහ කබලේ බැද හීනියට අඹරා ගන්න.) ⚡රතු කැකුළු සහල් මේස හැඳි 1ක් ⚡කුරුඳු කෑල්ලක් ⚡ගම්මිරිස් මේස හැඳි 1ක් ⚡හීනියට ගා ගත් පොල් මේස හැඳි 3ක් ( මෙම සියල්ල රන්වන් පාට වනතුරු බැද හීනියට අඹරා ගන්න.) ⚡අමු මිරිස් කරල් 4ක්(කරල අගින් පලා ගන්න) ⚡රට ළූණු ගෙඩි 2ක්( හීනියට ලියා ගන්න.) ⚡රම්පෙ,කරපිංචා(සෝදා සූරා ගන්න.රම්පෙ කපා ගන්න.) ⚡(එනසාල් 1ක්) ⚡පොල්තෙල් මේස හැඳි 2ක් ⚡අබ හා උළුහාල් ස්වල්පයක් සාදන ක්‍රමය පළමුව චිකන් සෝදා කැපුම් පාරවල් යොදා එයට කහ,ලුණු,(ගම්මිරිස් කුඩු),ඉඟුරු,සුදු ලූණු යුෂ,සියඹලා යුෂ,බදින ලද තුනපහ ගුලිය,හීනියට අඹරන ලද පොල් ගුලිය,කුරුඳු පොත්තක් ආදිය දමා හොඳින් මිශ්‍ර කර විනාඩි 15ක් වසා තබන්න. මැටි ඇතිලියක් ළිප තබා පොල්තෙල් දමා රත්වීගෙන එන විට අබ,උළුහාල්,යුෂ ඉවත් කරගන්නා ලද සුදුලූණු,ඉඟුරු යොදා හොඳින් බැදුණු පසු කහ ස්වල්පයක් එක් කර හොඳින් බැද තෙම්පරාදු කර පසුව රටළූණු,රම්පෙ,කරපිංචා සහ විනාඩි 15ක් වසා තැබූ චිකන් එකතු කර හොඳින් මිශ්‍ර කර චිකන් වලින් උනන ජලයෙන් හා තෙල් ගතියෙන් මද ගින්නෙන් තැම්බීමට සලස්වා පසුව ඇතිලියට වතුර එක්කර හොඳින් මිශ්‍ර කර තැම්බීමට සලස්වා එයට රම්පෙ,කරපිංචා,අමුමිරිස් සහ අවසානයේ ගම්මිරිස් කුඩු ඉස බාගන්න. හදන විදිහසම්පුරන විඩියෝව නරබන්න...👇 ▶️ Cuisine of sri lanka▶️ අපගේ YT නාලිකාවට පිවිසෙන්න..
#kussiyarecipe #cuisineofsrilanka #chickenrecipe #grandma #curry #grandma #Foodie #food #whattocook